මාකදුරේ මධූෂ් ඇතුළු පාතාල නායකයන් ගණනාවකගේ සිරුරු ගොඩගනී ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 23, 2021

මාකදුරේ මධූෂ් ඇතුළු පාතාල නායකයන් ගණනාවකගේ සිරුරු ගොඩගනී ?

ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන් මින් ඉදිරියට කිසිදු රටකට මුල් අවස්ථාවේදී භාර නොදීමට තීන්දු කර ඇත.

ඊට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා පොලිසිය යටතේ අත්අඩංගුවේ සිටියදී අපරාධකරුවන් බවට චෝදනා ලැබූ මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ තාරක ඇතුළු කිහිප දෙනකුම පොලිස් වෙඩිපහරට ලක්ව ඝාතනය වීමය.

ඒ අනුව ජාත්‍යන්තර පොලිසිය මේ වන විට තීන්දු කොට ඇත්තේ ඔවුන් විසින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අදාළ රටවල නඩු විභාග පවත්වා අභියාචනා නඩු පවා අවසන් වූ පසු එම රටවලට භාරදීමටය.

මේ අතර ඉදිරියේදී බටහිර රටවල් සහ යුරෝපා කොමිසමේ රටවල් ලංකාවට ඉදිරිපත් කිරීමට නියමිත ණය ආධාර කොන්දේසිවලදී මෙම ඝාතන පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලාසිටීමට නියමිත බවද දැනගන්නට ඇත.

එසේ වුවහොත් නීතිවේදීන් පෙන්වා දෙන්නේ පොලිස් වෙඩි පහරට ලක්ව මියගිය මාකදුරේ මධූෂ් ඇතුළු පාතාල නායකයන් ගණනාවකගේ සිරුරු ‌ගොඩගෙන යළි පරීක්ෂණ ආරම්භ කිරීමේ අවස්ථාවක් උදාවනු ඇති බවකි.

උපුටා ගැනීම : mawratanews


No comments:

Post a Comment

Post Bottom Ad