නැවත රට වසා දැමීමක් ගැන සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක දැඩිව අනතුරු අගවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 30, 2021

නැවත රට වසා දැමීමක් ගැන සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක දැඩිව අනතුරු අගවයි

වත්මන් කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ හැක්කේ රට වැසීමෙන් පමණක් යන තත්ත්වයකට රට පත් වූවොත් අනිවාර්යෙන්ම එය කළ යුතු වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

සංචරණ සීමා ලිහිල් කර ඇති මේ අවස්ථාවේ රට තුළ අත්‍යවශ්‍ය සමාජ හා ආර්ථිකය කටයුතු පමණක් සිදු කරන්නැයි ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

එසේ නොවුණහොත් මීටද වඩා තත්ත්වය බරපතළ විය හැකි යැයි ඔහු අනතුරු අගවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad