ගුවන්යානයක නුවර පෙරහැරේ ස්ටිකර් ඇලවීමට කෝටියක් වියදම් කරන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 16, 2021

ගුවන්යානයක නුවර පෙරහැරේ ස්ටිකර් ඇලවීමට කෝටියක් වියදම් කරන්න යයි

බංකොලොත් තත්වයට පත්වෙමින්, වසා දැමීමට පවා නිර්දේශව තිබෙන ශ්‍රී ලංකන් ගුවන්සමාගම රුපියල් ලක්ෂ 78ක මුදල් වියදම් කරමින් එක් ගුවන්යානයක මහනුවර දළදා පෙරහැරේ ස්ටිකරයක් ඇලවීමට සැලසුම් කර තිබේ. මේ සඳහා එයාර්බස් A330-300 වර්ගයේ 4R-ALP ගුවන්යානය යොදා ගැනීමට සැලසුම් කර ඇත.

අදාළ ස්ටිකර් ඇමරිකාවෙන් ලබාගැනීමට නියමිත අතර අමුද්‍රව්‍ය වලට පමණක් යන වියදම රුපියල් ලක්ෂ 78ක් පමණ වන අතර මෙහි අනෙක් සියලු කටයුතු සමගින් ගුවන්යානයක ස්ටිකර් අලවා අවසන් කරන විට එම වියදම රුපියල් කෝටියත් ඉක්ම වනු ඇත. ඉන් අනතුරුව තවත් මෙවැනි ගුවන්යානා 6ක මෙලෙස ස්ටිකර් ඇලවීමටත් සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත ඉතා ශීඝ්‍ර ලෙස අඩුවෙමින් තිබේ. ඒ හේතුවෙන් ලංකාව ගෙන්වන අත්‍යාවශ්‍ය භාණ්ඩ පවා සීමා කර තිබියදී මෙලෙස මේ මොහොතේ අත්‍යාවශ්‍ය නොවන කරුණක් වෙනුවෙන් පිට රටට මුදල් යැවීම කෙතරම් සාධාරණද? මෙතරම් බංකොලොත්ව, සේවක පඩි නඩි පවා ගෙවා ගැනීමට නොහැකිව සිටින ගුවන් සමාගමක් රජයේ භාණ්ඩාගාරයෙන් ණයට ලබාගන්නා මුදල් කිසිදු පැකිලීමකින් තොරව මෙවැනි අනවශ්‍ය කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සාධාරණද? මේ මොහොතේ අත්‍යාවශ්‍යම දේ ගුවන්යානයක පෙරහැර ස්ටිකර් ඇලවීමද යන්න එහි සේවකයින් ප්‍රශ්න කරති.


No comments:

Post a Comment

Post Bottom Ad