හාමුදුරුවන්ගෙ කරපිටින් ආපු ආණ්ඩුව දැන් හාමුදුරවරු බලෙන් උස්සගෙන වඩම්මනවා - රාජිත සේනාරත්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 16, 2021

හාමුදුරුවන්ගෙ කරපිටින් ආපු ආණ්ඩුව දැන් හාමුදුරවරු බලෙන් උස්සගෙන වඩම්මනවා - රාජිත සේනාරත්න

ආණ්ඩුවේ තීරණවලට අනුව ආණ්ඩුව සහයෝගය දක්වමින් සිදු කරන උද්ඝෝෂණවලින්, පෙළපාලිවලින් කොරෝනා ‍බෝ නොවන බවත් ආණ්ඩුවට විරුද්ධව පවත්වන උද්ඝෝෂණවලින් පමණක් කොරෝනා බෝ වන්නේ යැයි සැලකිය හැකි බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. බලයට පත්වීම‍ට පෙර කතාකළ 'එක රටක් - එක නීතියක්' ප්‍රතිපත්තියට සිදවූයේ කුමක්දැයි ආණ්ඩුවෙන් විමසිය යුතු බවද සේනාරත්න මහතා පවසනවා.

උද්ඝෝෂණ පැවැත්වූ පමණින් එම උද්ඝෝෂණවලට සහභාගි වූ පුද්ගලයන් නිරෝධායනය කළ නොහැකි බවත්, නිරෝධායනය කිරීමට නම් එක්කෝ PCR පරීක්ෂණ සිදුකළ යුතු බවත්, එසේ නැතහොත් ආසාදිතයෙකුගේ සමීපතමයෙකු ලෙස හඳුනා ගත යුතු බවත් හිටපු ඇමතිවරයා සඳහන් කරනවා. මෙවැනි බලහත්කාරී රඳවා තබා ගැනීම් සම්පූර්ණයෙන් නීතිවිරෝධී බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා එවැනි කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

සෞඛ්‍යමය කාරණා සම්බන්ධයෙන් පොලීසියට මැදිහත්වීමේ කිසිදු අයිතියක් නොමැති බව පෙන්වා දෙන රාජිත සේනාරත්න මහතා පවසන්නේ ආණ්ඩුව මිලිටරි රාජ්‍යයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යමින් සිටින බවයි. මිලිටරි රාජ්‍යයක පවා සෞඛ්‍ය කාරණා සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයන් තීරණය ගනිද්දී ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මෙවැනි ක්‍රියා සිදුවිය නොහැකි බවද ඔහු පෙන්වා දෙනවා.

භික්ෂූන් වහන්සේලාගේ කර පිටින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව භික්ෂූන් වහන්සේලා බලහත්කාරී ලෙස අත් කකුල්වලින් ඔසවාගෙන වඩම්මන ආකාරය පසුගියදා දක්නට ලැබුණු බවද රාජිත සේනාරත්න මහතා පවසනවා.


No comments:

Post a Comment

Post Bottom Ad