බැසිල්ගේ GI පයිප්ප නඩුව තවදුරටත් පවත්වාගෙන යාම ගැන සලකා බලන්නැයි ඉල්ලීමක් : Basil Rajapaksa - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 19, 2021

බැසිල්ගේ GI පයිප්ප නඩුව තවදුරටත් පවත්වාගෙන යාම ගැන සලකා බලන්නැයි ඉල්ලීමක් : Basil Rajapaksa


අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති ජී.අයි. බට නඩුව තවදුරටත් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් සලකා බලන ලෙස විත්තියේ නීතිඥවරු කරනු ලැබූ ඉල්ලීම පිළිබඳව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව සාකච්ඡා කරමින් පවතින බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අද (ජූලි 19) කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා හමුවේ පවසා සිටියේ ය.

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදල් වැය කර ජී.අයි. බට මිලදී ගෙන පළාත් පාලන ආයතන වෙත බෙදා හැරීම සම්බන්ධයෙන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහි නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ මෙලෙස පැවසිය.
මෙම නඩුව නැවත ලබන සැප්තැම්බර් මස 1 වන දින කැඳවීමට විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

පසුගිය 2015 වසරේ ජනාධිපතිවරණ සමයේ පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් නොමැති අවස්ථාවකදී දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 365 මුදලක් වැය කර ජී.අයි. බට මිලදී ගෙන ඒවා පළාත් පාලන ආයතන වෙත බෙදා හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අමිල කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad