මුහුදුබත් වූ නැවේ තෙල් කාන්දුවක්! “අපිට අත දාන්න බැහැ” ඇමති කියයි (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 23, 2021

මුහුදුබත් වූ නැවේ තෙල් කාන්දුවක්! “අපිට අත දාන්න බැහැ” ඇමති කියයි (video)

පසුගිය මැයි මස 20 වැනිදා ගිනි ගැනීමට ලක්ව පසුව ශ්‍රී ලංකා සාගර කලාපයට සහ වෙරළ දැඩි හානියක් සිදුකරමින් මුහුදුබත් වූ එක්ස්-ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට වාර්තා වෙනවා.

පරිසර අමාත්‍යවරයා විසින් මේ බව මාධ්‍ය වෙත පවසා සිටි අතර ඔහු සඳහන් කර සිටියේ නෞකාවේ තෙල් කාන්දුවක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවයි.

නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට කළ හැකි දෙයක් නොමැති බවත්, එම නෞකාව තවමත් ඇත්තේ අදාළ සමාගම භාරයේ බවද අමාත්‍යවරයා විසින් පවසා සිටියා.

එම පිරිසගේ අවසරයකින් තොරව මෙයට මැදිහත් වීමක් කළ නොහැකි බව පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඒ සම්බන්ධව එම සමාගමට රජය විදිහට දැනුම් දීමක් කර ඇති බවයි.

මේ සඳහා බලහත්කාරයෙන් මැදිහත් වුණහොත් එම අදාළ සමාගම නෞකාව සම්පුර්ණයෙන්ම අත්හැර දමා යා හැකි බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසා සිටියා.

මෙය නිවැරැදි කිරීමේ වගකීම ඇත්තේ අදාළ නෞකා සමාගමට බවද ඔහු තවදුරටත් පවසා සිටියා.

අමාත්‍යවරයා දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad