ඉන්දීය යානයක් හදිසියේ ශ්‍රී ලංකා සීමාවට ඇතුළු වෙයි! හමුදා ලොක්කෙකුත් යානය තුළ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, July 23, 2021

ඉන්දීය යානයක් හදිසියේ ශ්‍රී ලංකා සීමාවට ඇතුළු වෙයි! හමුදා ලොක්කෙකුත් යානය තුළ!

ඉන්දීය ආරක්ෂක ප්‍රධානියෙකු මෙරට මුහුදු කලාපය ඉහළින් පියාසර කරමින් නිරීක්ෂණයක යෙදී ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස ක්‍රියා කර ඇත්තේ ඉන්දීය නාවික හමුදාවේ වයිස් අද්මිරාල් නැගෙනහිර නාවික ආඥාපතිවරයාවන ඒ.බී. සිං මහතා යි.

ඔහු හෙලිකොප්ටරයක නැගී මන්නාරම් බොක්ක සහ ඒ ආශ්‍රිත දූපත් නිරීක්ෂණය කර ඇති බව යි පැවසෙන්නේ.

ඉන්දියන් සාගරය තුළ බ්‍රිතාන්‍ය - ඉන්දීය ඒකාබද්ධ යුද අභ්‍යාසයක් දියත් වෙමින් ඇති පසුබිමක මෙවැන්නක් සිදු වීම කැපී පෙනෙනවා.

ආඥාපතිවරයා පෙරේදා (22) තමිල්නාඩුවේ, රාමේෂ්වරම් වෙත පැමිණ තිබෙනවා.

ඉන්දීය නාවික හමුදාවට අයත් අති නවීන මුර යාත්‍රා දෙකක් එහි දී ඔහු විසින් නිරීක්ෂණය කර ඇති බව යි වාර්තා වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මන්නාරම ආශ්‍රිත මුහුදු තීරයේ සිදුවන විවිධ ජාවාරම් සහ ශ්‍රී ලංකාවේ සිට සිදුවන නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම යන කරුණු, මෙම යාත්‍රා යෙදවීමේ අරමුණ බවට යි.

මෙම යාත්‍රා දෙක නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි ආඥාපතිවරයා ඉන්දීය නාවික හමුදාවට අයත් හෙලිකොප්ටරයක නැගී මන්නාරම් බොක්ක සහ ඒ ආශ්‍රිත දූපත් නිරීක්ෂණයෙහි යෙදී ඇත්තේ.

කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය සහ මෙරට තවත් විවිධ කටයුතු සඳහා චීන රජය සම්බන්ධ වීමත් සමග ශ්‍රී ලංකාව කෙරෙහි අවධානය දැඩිව යොමු කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ මේවන විට කටයුතු යොදා ඇති බව නොරහසක්.

ඉන්දියාව සහ චීනය දේශපාලනික වශයෙන් සතුරන් බවට පත් වී ඇති අතර දෙරට අතර දේශ සීමාවන්හි කාලාන්තරයක් තිස්සේ ගැටුම්කාරී තත්ත්වයන් ද විටින් විට වාර්තා වූවා.

-asianmirror



No comments:

Post a Comment

Post Bottom Ad