උණුසුම් වූ ගුරු විරෝධය මැදට ආ සේනාධිපතිට සිද්ධ වෙච්ච දේ මෙන්න... මෝටර් රථයේ ටයරයක හුළං යවන්නත් හදලා - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, July 22, 2021

උණුසුම් වූ ගුරු විරෝධය මැදට ආ සේනාධිපතිට සිද්ධ වෙච්ච දේ මෙන්න... මෝටර් රථයේ ටයරයක හුළං යවන්නත් හදලා - (video)

ඊයේ (22) දිනයේ කොළඹ කොටුව වෙත රැස්වූ ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති විසින් දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර තිබුණා.

එම විරෝධතාකරුවන් පසුව කොළඹ කොටුවේ සිට ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පාගමනින් යෑමට කටයුතු කරනු ලැබුවා.

ඔවුන් විසින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බව එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි නිලධාරීන් වෙත පවසා සිටියත් එම අවස්ථාවේ ජනාධිපතිවරයා ලේකම් කාර්යාලයේ රැඳී සිටියේ නැහැ.

පසුව විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් කිහිප දෙනෙකු වෙත ලේකම් කාර්යාලයට පැමිණ සාකච්ඡාවක් කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබුණා.

ඒ අතරතුරදී ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි වාහන කිහිපයක්ම ආපසු හරවා යවන්නට විරෝධතාකරුවන් කටයුතු කර තිබුණා.

මෙලෙස පැමිණි වාහන අතර ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති ද වූ අතර ඔහුට ගුරුවරුන්ගේ එල්ල වූයේ දැඩි විරෝධයක්. 

සේනාධිපති මහතා සිය පෞද්ගලික වැඩ කටයුත්තක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ආ බව ගුරුවරුන්ට පවසා සිටියත් ඔහුට කාර්යාලය තුළට යෑමට ගුරුවරුන් ඉඩ ලබාදුන්නේ නැහැ. 

එම අවස්ථාවේ දැඩි උණුසුම් තත්ත්වයක් ද ඇතිව තිබුණු අතර පසුව වෘත්තී සමිති නායකයින්ගේ මැදිහත් වීම මත සේනාධිපති මහතාට එම ස්ථානයෙන් ඉවත්ව යෑමට අවස්ථාව ලැබුණා.

මෙම විරෝධතාවය අතරතුර දී නිශ්ශංක සේනාධිපති මහතාගේ වාහනයේ හුළං ඇරීමට විරෝධතාකරුවන් කටයුතු කරනු ලැබුවා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්,


No comments:

Post a Comment

Post Bottom Ad