චීනයෙන් තවත් කෝවිඩ් රැල්ලක් - මෙවර වුහාන් වෙනුවට නැන්ජින් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 1, 2021

චීනයෙන් තවත් කෝවිඩ් රැල්ලක් - මෙවර වුහාන් වෙනුවට නැන්ජින් !

චීනයේ වුහාන් පළාතෙන් ආරම්භ වූ කෝවිඩ් වසංගතයේ අඳුරු සේයාවන් පහ වී යාමට මත්තෙන් චීනය නැවත වරක් දරුණු කොරෝනා වෛරස් රැල්ලකට මුහුණ දෙමින් සිටියි. මෙවර එය මතු වී තිබෙන්නේ චීනයේ නැන්ජින් පළාතෙනි.

2021 ජූලි 20 දින නැන්ජින් නගරයේ කාර්යබහුල ගුවන් තොටුපොළෙන් කොරෝනා වෛරසය නැවත වරක් හමු වූ අතර, එය මේ වන විට පුද්ගලයන් 200 කට අධික සංඛ්‍යාවකට සම්ප්‍රේෂණය වී ඇත.

මෙවර ඇති විශේෂත්වය වන්නේ චීන ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍ය විසින් ද මේ බව පිළිගැනීමයි.

අගෝස්තු 11 වැනිදා පටන් නැන්ජින් ගුවන්තොටුපොළ සම්පූර්ණයෙන් වසා දැමීමට ද තීරණය කර තිබේ.

නැන්ජින් නගරයේ මිලියන 9.3 ක ජනගහනයක් සිටින අතර, ඔවුන් සියලු දෙනා නැවත වරක් කොරෝනා සඳහා පරීක්ෂා කිරීමට නියමිත බව ෂිංහුවා පුවත් ඒජන්සිය පවසයි.

නිල වාර්තාවල දැක්වෙන්නේ මෙම හදිසි කෝවිඩ් රැල්ලට හේතුව, ඩෙල්ටා ප්‍ර භේදය බවයි.

නැන්ජින් හි සෞඛ්‍ය බලධාරියෙකු කියා තිබෙන්නේ රුසියාවේ සිට ගුවනින් ආ පිරිසිදු කිරීමේ සේවකයන් පිරිසක් විසින් වෛරසය චීනයට ගෙනැවිත් ඇති බව ය.

බීජිං සහ චෙන්ග්දු ඇතුළු නගර 13කටවත් අවම වශයෙන් නව රැල්ල පැතිරී ගොස් ඇත.

කෙසේ නමුත් මෙම වසංගත තත්වය තවමත් මුල් අදියරේ පවතින බැවින් එය පාලනය කර ගැනීමට හැකි වනු ඇතැයි ග්ලෝබල් ටයිම්ස් වැනි පුවත් සේවා පවසයි.

අඩු මිල වැක්සින් ලෝකයටම බෙදන චීනය තුළ මෙම රැල්ල පැතිර යාම බොහෝ දෙනෙකු තුළ සැක සංකා මතු කර තිබේ. එම වැක්සින්, ඩෙල්ටා ප්‍ර භේදයට ඔරොත්තු දෙන්නේ ද යන ප්‍රශ්නය මේ අනුව දැඩි ව මතු වේ.

චීන වැක්සින් රටවැසියන්ට ලබාදුන් ගිනිකොණදිග ආසියානු රටවල් ගණනාවක් මේ වන විට තීරණය කර තිබෙන්නේ වැඩි ආරක්ෂාව සඳහා, වෙනත් වැක්සින් ද නැවත වරක් ලබාදෙන්නට ය.

- අමාලි ජයවීර | අවුට්බවුන්ඩ් ටුඩේ

No comments:

Post a Comment

Post Bottom Ad