දෙවිවරුන් ලෙස සලකා ගරු කරන ගුරුවරුන් තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදාගන්නා කිහිපදෙනෙක් වෙනුවෙන් භාවිතා කළ වචනය ගැන තමා තුළ පසුතැවීමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඒ ගැන තවදුරටත් කතාකිරීමට තමන් කැමති නැතැයි කී ඇමතිවරයා ගුරුවරුන් පොළඹවමින් තම අරමුණු වෙනුවෙන් භාවිතා කරන අය වෙනුවෙන් භාවිතා කළ යුතු වචනයක් තිබෙනවා නම් එය කීමට තමා පසුබට වෙන්නේ නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
මීට ඉහතදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩවර්ජන කරන ගුරුවරුන් කාලකණ්ණි ලෙස හැදින්වීය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment