රෝහල් පිරිලා.. මෝචරි පිරිලා.. අප ගෙවන්නේ ජීවිතයේ අවසාන කාලය විය හැකියි..- පුෂ්පා මිස් කියයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 14, 2021

රෝහල් පිරිලා.. මෝචරි පිරිලා.. අප ගෙවන්නේ ජීවිතයේ අවසාන කාලය විය හැකියි..- පුෂ්පා මිස් කියයි..

කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු නිලධාරිනී පුෂ්පා රම්‍යාද සොයිසා කොරෝනා වසංගතයේ භයානකකම ගැන තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේ ය.

කොවිඩ් හේතුවෙන් අද අපෙන් වෙන්වූවන්ගේ ගණන 160 කි.
හෙට එයටත් වඩා අපේම ආදරණීයයන් පිරිසක් අපෙන් වෙන්වීමට නියමිතය.
අද කොවිඩ් ආසාදිතයින් වූ ගණනද අධිකය .
මේ දිනවල දිනපතාම මගේ පුද්ගලික දුරකථනයට එන ඇමතුම් වලින් අසා සිටියේ එක දෙයකි. “පුෂ්පා අපේ පවුලටම කොවිඩ්. මොකද කරන්නෙ”.
ඒ අවස්ථා වලදී අපත් කොපමණ අසරණ වෙනවාද?.

රෝහල්ද පිරෙමින් ඇත.
මෝචරියද එසේමය.
අපේ වැඩිහිටි පරම්පරාව සීග්‍රයෙන් මරණයට පත්වෙමින් ඇත.

හදවත් රෝග ,දියවැඩියා, ආඝාතය, ශ්වසන ,පෙනහලු රෝගාබාධ අවදානම් ඇති අය දැඩි අවධානමකට ලක්ව ඇත.
අධික ස්ථුලතාවය, දුම්පානය කරන්නවුන්ද දැඩි අවධානම් තත්වයක බව අමතක නොකරන්න.

මෙය තීරනාත්මක අවදියයි.

ඔබ වෙනස් වන්නේනම් පමනක් එයින් මිදිය හැකිය .
*ඔබේ රෝග වලට නිසි ප්‍රතිකාර ගන්න.
*ගුනවත් ආහාර ගන්න.
*අවශ්‍ය පමන හොදින් වතුර පානය කරන්න.
*ක්‍රියාශීලීව ජීවත් වෙනන.
*හොදින් නිදාගන්න ,විවේකය ගන්න.
*ආතතියෙන් මිදෙන්න .
*දිනපතා ව්‍යායාම කරන්න.
*මත් පානය,දුම්පානය ,මත් කුඩු භාවිතයෙන් ඉවත් වන්න.
*සියලු යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න.

රට හදන්නට පෙර තමා ආරක්ශිත වෙන්න.
නැතිනම් මේ අප ගෙවන්නේ අපේ ජීවිතයේ අවසාන කාල පරිච්ජේදය විය හැකිය.

– Pushpa Zoysa

No comments:

Post a Comment

Post Bottom Ad