පය ලිස්සා වැටුණු නංගි බේරාගන්න ගිය අයියාත් පරෙයියන් ඇල්ලට බිලි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 3, 2021

පය ලිස්සා වැටුණු නංගි බේරාගන්න ගිය අයියාත් පරෙයියන් ඇල්ලට බිලි

බඩල්කුඹුර පරෙයියන් ඇල්ල නැරඹීමට පෙරේදා (01දා)  ගිය එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක් ඇල්ලට වැටී දියේ ගිලී මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඔක්කම්පිටිය ගාමිණීපුර පදිංචි සුරාජ් මධුශංක ගජවීර (30)  සහ ඔහුගේ සහෝදරියක වන අයේශා ගයාශානී  ගජවීර (23) නැමති අයයි.

මියගිය දෙදෙනා තම පවුලේ ඥාතීන් පිරිසක් සමඟ පරෙයියන් ඇල්ල නැරඹීමට ගොස් ඇත.

එහිදී අයේශා ගයාෂානී ගජවීර නැමැත්තිය පය ලිස්සා ගොස් ඇල්ලට වැටී ඇත. පසුව ඇයගේ සහෝදරයා ඇය බේරාගැනීමට ඇල්ලට පැන ඇති අතර දෙදෙනාම දියේ ගිලී මියගොස් ඇත.

ඥාතීන් විසින් ඔවුන් දෙදෙනා දියෙන් ගොඩට ගන්නා විටත් මියගොස් ඇති බව පරීක්ෂණවලදී හෙළිවී ඇත. මියගිය සුරාජ් මධුශංක ගජවීර පුද්ගලික සමාගමක විධායක නිලධාරියෙකු ලෙස සේවය කරන අතර අගෝස්තු මස 18 වෙනි දින විවාහවීමට නියමිතව තිබිණි. මියගිය අයේශා

ගයාෂානී ගජවීර අගෝස්තු මස 15 වෙනි දින හෙද පුහුණුව සඳහා බදුල්ල හෙද විදුහලට ඇතුළත්වීමට නියමිත තිබිණි.

මෙම දෙදෙනාගේ මරණ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (02) මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.බඩල්කුඹුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක


No comments:

Post a Comment

Post Bottom Ad