චමුදිත එක්ක පාස්කු රහස් හෙළි කළ ඔසී‌ගෙ පුතා එදාම අමෙරිකා ගිහින්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 14, 2021

චමුදිත එක්ක පාස්කු රහස් හෙළි කළ ඔසී‌ගෙ පුතා එදාම අමෙරිකා ගිහින්!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවුණු කරුණු රැසක් රටට අනාවරණ කළ හිටපු අමාත්‍ය ඔසී අබේගුණසේකර මහතාගේ පුත් නීතිඥ අසංග අබේගුණසේකර මහතා ඉන් පැය කිහිපයකට පසු ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය දිනෙක මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව ඇති අසංග අබේගුණසේකර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනාත්මක තොරතුරු රැසක් හෙළිදරව් කිරීමට පියවර ගෙන ඇත.

ඉන් අනතුරුව ඒ මහතා තමන් ඇමෙරිකාව බලා පිටත්ව යන බවත්, ඉන් පසු අදාළ සම්මුඛ සාකච්ඡාව ප්‍රසිද්ධියට පත් කරන ලෙසත් සමරවික්‍රම මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවද පැවසේ.

ඒ අනුව ඉකුත් අඟහරුවාදා (10) දිනයේදී මෙම සම්මුඛ සාකච්ඡාව විකාශය කිරීමට සමරවික්‍රම මහතා කටයුතු කර තිබුණේ අසංග අබේගුණසේකර මහතා ලංකාවෙන් පිටවීමෙන්අ අනතුරුවය.

අසංග අබේගුණසේකර මහතා යනු ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට සහරාන්ගේ කණ්ඩායම පිළිබදව කල් තියා වාර්තාවක් මගින් අනතුරු ඇගවූ අයෙකි.

එම සංවාදය පහතින්...


No comments:

Post a Comment

Post Bottom Ad