බදු සහන ලබා දුන්නද, කිරිපිටි ආනයනය කරුවන් ඉන් සෑහීමකට පත්ව නැති බව ඬේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
කිරිපිටි කිලෝ ග‍්‍රෑමයක් සදහා රුපියල් 260 ක මිල වැඩි කිරීමක් ඔවුන් තවමත් ඉල්ලා සිටින බවයි වාර්තා වන්නේ.
ඔවුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන්නේ, ලෝක වෙළද පොලේ කිරිපිටි මිල යම් පමණකට අඩු වී තිබිය දී බව ද පැවසේ.
මීට පෙර කිරිපිටි ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 4300 ක් ලෙස පැවතුණි. දැන් එම මිල ගණන ඇමරිකානු ඩොලර් 3,800 දක්වා පහත වැටී තිබේ.
කිරිපිටි ආනයනකරුවන් පවසන්නේ, රජය ලබා දුන් බදු සහනය හේතුවෙන් ඔවුන්ට අත්වන සහනය, කිරිපිටි කිලෝවකට රුපියල් 35 ක් පමණක් බවයි.
කිරිපිටි ආනයන කරුවන් මුලදී උත්සාහ කර තිබුනේ, කිරිපිටි කිලෝවක මිල රුපියල් 360 කින් ඉහළ දැමීමට යි.
-headlinenews
No comments:
Post a Comment