හතර පැත්තකින් ගුරු-විදුහල්පතිවරු අද කොළඹ වටකරන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 4, 2021

හතර පැත්තකින් ගුරු-විදුහල්පතිවරු අද කොළඹ වටකරන්න යයි

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රදේශ හතරකින් කොළඹට රථ පෙළපාලියකින් පැමිණෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි.

මීගවුව පාරේ නවලෝක ක්‍රිඩාංගනය අසලින්, නුවර පාරේ කඩවත අධිවේගී පිවිසුම අලසින්, හයිලෙවල් පාරේ පන්නිපිටි ධර්මපාල විදුහල අසලින්  සහ ගාලු පාරේ මොරටුව නගරයෙන් එම රථ පෙළපාළි ආරම්භ කරන බව  ද එම සමිති සන්ධානය සඳහන් කරයි.

රථ පෙළපාළිය අද පෙරවරු 10 ට ආරම්භ කෙරෙන අතර දහවල් 12ට පමණ කොළඹට පැමිණ ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කරන බව ද ගුරු විදුහල්පති  වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයෝ පවසති.


No comments:

Post a Comment

Post Bottom Ad