රට ලොක් ඩවුන් කර තිබුණද සංචාරකයන්ට රට විවෘතයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 21, 2021

රට ලොක් ඩවුන් කර තිබුණද සංචාරකයන්ට රට විවෘතයි!

එළැඹෙන තිස්වනදා දක්වා රට අ`ගුළු දා තිබුණද, සංචාරකයන් සදහා රට විවෘතව පවතින බව, සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටි සංචාරකයන් මේ වන විටත්, ගුවන් ටිකට්පත් සහ හෝටල් සදහා මුදල් ගෙවා ඇති බැවින්, ඔවුන් අපහසුතාවයට පත් කළ නොහැකි බව අමාත්‍යවරයා පවසයි.

ඒ අනුව, ගුවන්තොටුපල සේවා සහ සංචාරක සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

මෙරටට පැමිණෙන ඉන්දියානු සංචාරකයන් සහ ඉන්දියාව හරහා මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්, එන්නත් මාත‍්‍රා දෙකම ලබා තිබීම අනිවාර්ය කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad