දලදා මාලිගාවේ පෙරහැර අතරතුර බස්නායක නිලමේගේ වාහනයට ඇසිඩ් ප‍්‍රහාරයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 14, 2021

දලදා මාලිගාවේ පෙරහැර අතරතුර බස්නායක නිලමේගේ වාහනයට ඇසිඩ් ප‍්‍රහාරයක් !

මහනුවර ශ‍්‍රී දලදා මාලිගාවේ නාථ දේවාලයේ බස්නායක නිලමේ වරයාට සහ ඔහුගේ හිතවතෙකුට අයත් වාහනයකට දළදා මාළිගා පරිශ‍්‍රයේදි ඇසිඩ් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ එයින් එම වාහන දෙකට බරපතළ හානි සිදුවී ඇති බවත් ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්ය.

අදාළ වාහන දළදා මාලිගාවේ අධිආරක්ෂිත කලාපයේ වාහල්කඩ අසල නවතා තිබියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

දළදා මාලිගාවේ පළමු කුඹල් පෙරහර අවසානයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad