මහනුවර ප්‍රදේශයේ සුප්‍රකට නායක හිමි නමකට අයත් අධි සුඛෝපභෝගී ජීප් රථයෙන් රජයේ සීල් අරක්කු බෝතල් 25ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් ඊයේ සවස ( 20 ) මැණික්හින්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පුද්ගලයා මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් ඔහු මෙම හිමිනමගේ රියදුරු ලෙස කටයුතු කරන බවත් වාර්තා වේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පොලිසිය විසින් සිදුකළ හදිසි වැටලීමක දී ය.
මේ වනවිට එම සුඛෝපභෝගී ජිප් රථය සහ අරක්කු බෝතල් තොගය මැණික්හින්න පොලිස් අත්අඩංගුවේ පවතී.
සිද්ධිය පිළිබඳ මැණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ආරියවංශ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
උපුටා ගැනීම : lankasara
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhS-j9IWc2HMsovOnCc2oYO4SYDYkbxkg1zcxC5npzOpMbVQSztyZ0VMX72jeiILjpL9mfQaA1w9GScaNNss27zseOwbYIjCO7urgeHRRoiroXtP9mKdGofgrC1Hpfm7nlRrxnsLoWo3Juo/s1600/shareit.jpg)
No comments:
Post a Comment