කරවල සහ හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයකට පනවන ලද විශේෂ බද්ද නව බද්දනක් නොව බවත් මෙමස 11 දිනට නිකුත් කළ ගැසට් නිවේදනයෙන් සිදු කර ඇත්තේ අදාළ ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිකුත් කළ 2021 පෙබරවාරි මස 11 දිනැති ගැසට් නිවේදනයේ වලංගු කාලය අවසන් වීම යළි දීර්ඝ කිරීමක් බව මුදල් අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව අංක 2214/58 සහ 2021 පෙබරවාරි මස 11 දිනැති ගැසට් නිවේදනයේ මාස 06ක් වූ වලංගු කාලය 2021 අගෝස්තු මස 11 දිනයෙන් අවසන් වීමට නියමින වු අතර, එය කිසිදු බදු සංශෝධනයකින් තොරව එලෙසම නැවත දීර්ඝ කිරීම පමණක් 2021 අගෝස්තු මස 11 දින නිකුත් කරන ලද අංක 2240/20 දරන ගැසට් නිවේදනයෙන් සිදු කර ඇති බව මුදල් අමාත්‍යංශය කරවල හා හාල්මැස්සන් ඇතුළුව ද්‍රව්‍ය කිහිපයකට බදු පනවා නිකුත් කළ ගැසට් නිවේදනය ගැන පහැදැලි කිරීමක් සිදු කර තිබෙනවා.
No comments:
Post a Comment