ජනප්‍රිය නිළි ශලනි තාරකාට කොරෝනා
ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකාට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.
ඇය තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.
ඇය සඳහන් කර ඇත්තේ, ටෙලිනාට්‍ය රූගත කිරීමක් අතරතුර එහි සෙසු ශිල්පින් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් තමන් ජූලි 31 වන දා සිට ස්වයං නිරෝධායනය වූ බවය.
කෙසේ වෙතත්, පසුව ඇති වූ සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් තමන් පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය වුණු බවත් එහිදී තමන්ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණු බවත් ඇය සිය සටහනේ සඳහන් කර තිබේ.
එමෙන් ම, ඇය Sinopharm එන්නත් මාත්‍රා දෙක ම ලබාගෙන ඇති බව ද එහි සඳහන් කර ඇත.
No comments:
Post a Comment