තම හිතවත් සහෘදයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි ප‍්‍රවීණ උපකාරක පංති දේශක තිස්ස ජනනායක මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව පවසා ඇත.
එම සම්පූර්ණ සටහන මෙසේය.
*****
මංජුල විජේසූරිය සමුගනියි.
ඊයේ රාත්‍රියේ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් වතුපිටිවල රෝහලට ඇතුළත් කල අපගේ සහෘදයා මංජුල විජේසූරිය Rapid Antigen පරීක්ෂාව positive වීම නිසා සාමාන්‍ය ICU එකකට ඇතුලත් කල නොහැකි විය. අද උදෑසන සිට රජයේ මෙන්ම පෞද්ගලික රෝහල්වල covid ICU එකක් සොයා ගැනීමට කොතෙක් උත්සාහ දැරුවත් එම සියලුම උත්සාහයන් අසාර්ථක විය.
අවසානයේ ඔහු අපෙන් සමුගෙන ගොසිනි . ආදරණීය මානවහිතවාදී සහෘදය, ඔබට නිවන් සුව පතමු !
සියලු දෙනා හැකිතාක් ප්‍රවේශම් වන්න.
No comments:
Post a Comment