කොවිඩ් මර්දන කමිටුවේ ඉන්නේ නියම වෛද්‍ය විශේෂඥයෝ නෙවෙයි....කොන්ද පණ නැති සෞඛ්‍ය නියෝජනයක් තියෙන්නේ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 16, 2021

කොවිඩ් මර්දන කමිටුවේ ඉන්නේ නියම වෛද්‍ය විශේෂඥයෝ නෙවෙයි....කොන්ද පණ නැති සෞඛ්‍ය නියෝජනයක් තියෙන්නේ - (video)

කොවිඩ් මර්දන කමිටුවෙන් මේ වන විට කිසිදු පලක් නැති අතර එය නියෝජන කරන විශේෂඥ වෛද්‍යවරුන් ද සැබෑ විශේෂඥ වෛද්‍යවරු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. බෙල්ලන මහතා සඳහන් කරන්නේ කොවිඩ් මර්දන කමිටුව නියෝජන කරමින් ඉන්නේ කොන්ද පණ නැති සෞඛ්‍ය සේවයක් බවයි.

''කෙළින්ම කියන්න පුළුවන් වෙන්න ඕනේ, මේ කරුණාකරලා තේරුම් ගන්න මේක කරන්න ඕනේ මෙහෙමයි. මගේ අදහස මෙතනට ගැළපෙන්නේ නැහැ කියල මම මෙතනින් අයින් වෙනවා කියන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් එහෙම අයින් වෙන්නේ නැහැ. මාස ගණන් අවුරුදු ගණන් කොවිඩ් කමිටුවේ රැඳී ගෙන දේශපාලන මෙහෙවරක් ඉටුකරනවා. දේශපාලකයෝ කියන එක හරි නම් එතනින් එළියට ඇවිල්ලා වෙනත් සංගම්, සංසද හරහා රට ලොක්ඩවුන් කරන්න ඕනේ කියන එක කියන්න එපා. එළියට ඇවිල්ල වෙන වෙන ඒවා කියන අතරේ කමිටුවට ගිහින් කරබාගෙන ඉන්නවා. නැත්නම් ඒ කියන දේශපාලන න්‍යාය පත්‍රයට එකතු වෙනවා. මම දන්නේ නැහැ ඒවාට සහභාගී වෙනවට මුදලුත් දෙනවද කියල. හැබැයි ගිහින් කාලා බීලා එනවා. මේක හරි ව්‍යසනයක්. මේක තමයි ඇත්ත ව්‍යසනය.''

කමිටුව තුළ වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයින් කටයුතු කරන්නේ හමුදාවකට යටත්ව නම් කරුණාකර ඉල්ලා අස්වන ලෙසයි බෙල්ලන මහතා පවසන්නේ.

මෙම කොවිඩ් මර්දන කමිටුව තුළ හමුදාවේ මැදිහත්වීම වැඩි බවත් ඔවුන්ගේ සහය ගත යුත්තේ තාක්ෂණික අවශ්‍යතා වෙනුවෙන් බවත් හෙතෙම පෙන්වාදෙයි.

දැනටමත් සිදුව තිබෙන අසාර්ථක වීම් හමුවේ කොවිඩ් කමිටුව තුළ තවදුරටත් හමුදාපතිවරයෙක් ප්‍රමුඛත්වය ගැනීම නතර විය යුතු බවයි බෙල්ලන මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

-ලංකා නිවුස් වෙබ් 


No comments:

Post a Comment

Post Bottom Ad