බදියුදීන්ගේ මස්සිනා ඇප මත නිදහස් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 16, 2021

බදියුදීන්ගේ මස්සිනා ඇප මත නිදහස් !

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් නැමැත්තා ඇපමත මුදා හැර තිබේ.

අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී මෙම ඇප නියෝගය නිකුත් කර ඇත.

සැකකරු රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි මෙහෙකාරියක් දුෂණය කලේ යය ිකියන සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියේය.

රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත ඔහු මුදා හරින ලද අධිකරණය විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ලබා ගත්තේය.


No comments:

Post a Comment

Post Bottom Ad