අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවය හේතුවෙන් බත්තරමුල්ලේ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
කොතලාවල පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එම විරෝධතාවය සංවිධානය කර තිබෙන අතර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී පොලීසිය ඔවුන්ගේ පාගමන අවහිර කර තිබුණි.
එහිදී උණුසුම්කාරී තත්ත්වය හටගත් අතර විරෝධතාවයේ නිරත සරසවි සිසුන් පොලීසියේ මාර්ග බාධක ඔසවා විසිකිරීමට උත්සහ ගෙන තිබුණි.
පසුව ඔවුන් මිනීපෙට්ටියක් එම ස්ථානයේ ගිනි තබමින් විරෝධය දැක්විය.
No comments:
Post a Comment