මිල වැඩි කිරීමෙන් පලක් නෑ.. ඉන්ධන සලාක ක‍්‍රමය ළගම එනවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 21, 2021

මිල වැඩි කිරීමෙන් පලක් නෑ.. ඉන්ධන සලාක ක‍්‍රමය ළගම එනවා..

ඉන්ධන භාවිතය අඩු කිරීම සඳහා මිල වැඩි කිරීම එතරම් ප්‍රායෝගික නොවන පිළියමක් බව ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මීළඟට ඉන්ධන ලබා දීම සලාක ක්‍රමයට සිදු කිරීමේ වැඩි ඉඩක් තිබෙන බවයි.

ලෝකයේ බොරතෙල් මිල පහත බැස තිබියදී ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුව ඇත්තේ විදේශ විනිමය හිග වීම නිසා බවද ඔහු සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad