විදුලි කප්පාදුව දීර්ඝ වෙයි - අද රාත්‍රියේ ත් විදුලිය කැපිල්ලක් | Power Cut - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 22, 2021

විදුලි කප්පාදුව දීර්ඝ වෙයි - අද රාත්‍රියේ ත් විදුලිය කැපිල්ලක් | Power Cut

අද රාත්‍රියේ ත් විදුලිය කැපිල්ලක්

අද (දෙසැ. 22) සවස 6.00 සිට රාත්‍රී 9.30 දක්වා අතර කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

නොරොච්චෝල විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක ඇති වී තිබෙන දෝෂයක් හේතුවෙන් දිනකට විනාඩි 45ක පමණ කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරමින් තිබේ.

විදුලි බල අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම අලුත්වැඩියාව සිදු කර යන්ත්‍ර යථා තත්ත්වයට පත් කරන තුරු දින කිහිපයක් මෙම විදුලි කප්පාදුව සිදු වනු ඇති බවයි.

සවස හයත් පස්වරු රාත්‍රී 9.30 අතර කාලයේදී මෙම විදුලි කප්පාදුව අවශ්‍යතාවය මත සිදුකිරීමට නියමිතය.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සභාපති සෞම්‍ය කුමාර මානවඩු මහතා සඳහන් කරන්නේ මෙම දෝෂය හටගෙන ඇති ජනන යන්ත්‍රයෙන් දිගින් දිගටම තෙල් කාන්දුවක් සිදු වන බවයි.

එමගින් විදුලි නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසා පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙන යාමට විදුලිය විසන්ධි වීමක් සිදුවිය හැකි බවද ඔහු පැවසීය.

තවත් වසර 5-6 කාලයක් වත් නොරොච්චෝලේ යන්ත්‍රය මෙසේ අක්‍රීය වනු ඇති බවත් එය නැවැත්විය නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

එහිදී ඔහු සඳහන් කළේ, හෙට දිනයේදී දෙවන ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බව ත් එසේ වුවහොත් විදුලි විසන්ධි වීමක් සිදු නොවනු ඇති බව ත් ය.

කෙසේ වෙතත්, මේ මොහොතේ ඒ පිළිබඳව නිශ්චිතව තහවුරු කළ නොහැකි බව ඔහු වැඩිදුරට ත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad