රාජ්‍ය ඇමති කතුන් පිරිවරාගෙන යාල කැලේ දේවයාගයක…. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 5, 2022

රාජ්‍ය ඇමති කතුන් පිරිවරාගෙන යාල කැලේ දේවයාගයක….

ආන්ඩුවේ තරුන රාජ්‍ය ඇමතිවරයෙක් 04 දින රාත්‍රියේ යාල වන උද්යානයේ භුමි පෙදෙසක විශේෂ යාගයක් පවත්වා තිබේ. පිය මග යමින් දේශපාලනයට පිවිසි මෙම රාජ්‍ය ඇමතිවරයා හට ඉදිරි ඇමති මණ්ඩල සංශෝධනයේදි උසස් වීමක් වෙනුවෙන් සහ තවත් කාරණාවක් වෙනුවෙන් මෙම දේවයාගය පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

යකදුරන්ට අමතරව ඇමතිවරයා ගේ පියා,ඥාති සහෝදරයන් කිහිප දෙනෙකු සහ පවුලට සමීප කාන්තාවන් පිරිසක් මෙම දේවයාගයට සහාභාගි වි තිබේ.

මෙම යාගයට වැඩි කාන්තාවක් පිරිසක් සහාභාගි කරවා ගැනිම යාගයේ සාර්ථකත්වයට උපකාරි වන බව යකදුරන් පවසා තිබෙන බව වාර්තා වෙයි.

යාගය පෙරවරු 2.30 පමන වන තෙක් පවත්වා තිබෙන බවද දැනගන්නට ඇත.

කෙසේවෙතත් පස්වරු 6 න් පසුව දෙස් විදෙස් කිසිදු සංචාරකයෙක්ට යාල වන උද්යානයට ඇතුලු වීමට අඩවි වනජිවි නිළධාරි කාර්යාලය මගින් තහනම් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad