රන්ජන් බේරාගැනීමේ මහා අරගලයක්! සජිත් සජබෙ තරුණ සෙන්පතියන්ට කඩුව බාර දෙයි! (VIDEO & PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 3, 2022

රන්ජන් බේරාගැනීමේ මහා අරගලයක්! සජිත් සජබෙ තරුණ සෙන්පතියන්ට කඩුව බාර දෙයි! (VIDEO & PHOTOS)

දූෂණයට මර්දනයට අසාධාරණයට එරෙහිව නිරන්තර අරගල කළ මානව හිතවාදී ජනතා නියෝජිතයෙකු වන රන්ජන් රාමනායක මහතාට සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහිතව නිදහස ලබා ගැනීම වෙනුවෙන් වූ අරගලය නව වටයකින් මේ වසරේ දී යළි ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පූර්ණ වශයෙන් කැපවන බවත්, තම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් මුල් කොටගෙන එම අරගලය ආරම්භ වන බවත් විපක්ෂ නායකතුමා පැවසීය. රන්ජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් තමන් පුනපුනා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළ බවත් ඒ බොහෝ අවස්ථාවල සුබවාදී ප්‍රතිචාර වාචිකව හිමි වූ බවත් පැවසූ විපක්ෂ නායකතුමා , කණගාටුවට කරුණ වන්නේ අද වනතුරු එය ප්‍රායෝගිකව ඉටු ඉටුනොවීම යැයිද පැවසීය.

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා අද (03) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අතර රංජන් රාමනායක මහතා හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායකතුමා මේ අදහස් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad