විදේශ සංචාර සදහා, 2021 වසරේ දී පමණක් ගෝඨාභය සහ මහින්ද රුපියල් ලක්ෂ හාරසීයකට වඩා වැය කරලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 30, 2022

විදේශ සංචාර සදහා, 2021 වසරේ දී පමණක් ගෝඨාභය සහ මහින්ද රුපියල් ලක්ෂ හාරසීයකට වඩා වැය කරලා

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ 2021 වසරේ දී විදේශ සංචාර පහක් සදහා රුපියල් ලක්ෂ හාරසියයකට වැඩි ප්‍රමාණයක් වියදම් කර ඇති බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර තිබේ. 
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් තොරතුරු මත පදනම් ව පුවත්පත මෙම හෙළිදරව්ව සිදු කර තිබේ.

2021 වසරේ දී ඔවුන් දෙදෙනා සිදුකර තිබෙන විදේශ සංචාර ගණන පහකි.

හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා විසින් අදාල වසර තුළ විදේශ සංචාර සදහා වැය කර තිබෙන මුදල රුපියල් ලක්ෂ 44,739,184.91 කි.

අදාල සංචාර පහෙන් සංචාර දෙකක් හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකර ඇති අතර ඒ සදහා හිටපු අග්‍රාමාත්‍යවරයා වැය කර තිබෙන මුදල 36, 970,864.14 කි.

ඒ අනුව පෙනී යන කරුණ වන්නේ 2021 වසරේ විදෙස් සංචාර සදහා හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වැයකර තිබෙන මුදලෙන් වැඩි පංගුවක් වැය කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජනපදය – එක්සත් රාජධානිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කිරීම සදහා 2021 වසරේ දී රුපියල් 7,768,320.77 ක් වැය කර ඇති අතර හිටපු ජනාධිපතිවරයාගේ එම සංචාරවල අරමුණ කුමක් වී දැයි පුවත්පත වාර්තා කර නැත.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ බංග්ලාදේශ සංචාරය සදහා රුපියල් ලක්ෂ සියයකට වඩා වැඩි මුදලක් වැය කර තිබේ.

එමෙන්ම ඔහු සිය පවුලේ ඥාතීන්ද සමග සහභාගී වූ ඉතාලි සංචාරය සදහා රුපියල් ලක්ෂ 260 කට වඩා වැඩි මුදලක් වැය කර තිබේ.

ඉතාලි හෝටලයක හිටපු ජනාධිපතිවරයා ඔහුගේ පවුලේ සාමාජිකයන්ද සමග සහභාගී වී සිටි භෝජන සංග්‍රහයක ඡායාරූප ඒ වකවානුවේ සමාජ මාධ්‍යයේ මහත් ආන්දෝලනයක් ඇති කළේ ය.

මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබෙන ඩේලි මිරර් පුවත්පත පහත රූප සටහන ද වාර්තාව සමග පළකර තිබුණි.


No comments:

Post a Comment

Post Bottom Ad