ගෝඨා මරා රජ වෙන්න හමුදා ප්‍රබලයෙක් කුමන්ත්‍රණය කළා – මහින්දානන්ද - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 27, 2022

ගෝඨා මරා රජ වෙන්න හමුදා ප්‍රබලයෙක් කුමන්ත්‍රණය කළා – මහින්දානන්ද

ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය මෙල්ල කළ අපේ විරෝදාර ත්‍රිවිධ හමුදාවට රටේ සේනාධිනායක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන නිවස ආරක්ෂා කර දීමට නොහැකි වූයේ ආරක්ෂාව භාරව සිටි ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගේ කුමන්ත්‍රණකාරී සැලසුමක් නිසා බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

අනතුරුව පාර්ලිමේන්තුවට පහර දී රාජ්‍ය බලය ලබා ගෙන ජනාධිපති අගමැතිකම් බෙදා ගැනීම පිළිබඳ පවා ඇතැම් ආරක්ෂක නිලධාරීන් සාකච්ඡා කළ බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු ඇමැතිවරයා අනාවරණය කරයි.

ඒ පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බවත් එය ප්‍රසිද්ධියට පත් කළ විට මෙම කටයුතු පිටුපස සිටි නිලධාරීන් පිළිබඳ රටට දැනගත හැකි වනු ඇතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.

ගාලු මුවදොරට පහර දීම මෙන් ම ඉන් අනතුරුව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනයට ජනාධිපතිවරයා ආරක්ෂාව භාර නිලධාරීන්ට කෙතරම් උපදෙස් ලබා දුන්න ද ඔවුන් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි, ඊයේ (27) පාර්ලිමේන්තුව අමතමින් ඔහු අවධාරණය කළේ.


No comments:

Post a Comment

Post Bottom Ad