ලංකාවේ මෙතෙක් අහන්න නොලැබුණු අලුත්ම ජාවාරම හෙළිවෙයි! වකුගඩු විකුණන අස්සේ ඇටත් විකුණලා! එකක් එක්කෝටි හැට අට ලක්ෂයයි! දෙකම කෝටි 3 පනී! පොලිසිය පළමු වරට හොයාගනී! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 2, 2022

ලංකාවේ මෙතෙක් අහන්න නොලැබුණු අලුත්ම ජාවාරම හෙළිවෙයි! වකුගඩු විකුණන අස්සේ ඇටත් විකුණලා! එකක් එක්කෝටි හැට අට ලක්ෂයයි! දෙකම කෝටි 3 පනී! පොලිසිය පළමු වරට හොයාගනී!

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක්  සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මෙම කරුණු හෙළිවී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය පවසයි.

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම වෘෂණ කෝෂ දායකයාට අදාළ රෝහල සම්බන්ධ කර ඇති බවත් සැත්කම සදහා දින නියම කර තිබියදී මුදල් ලබා නොදීම පිළිබද ඇතිවූ සැකය හේතුවෙන් ඊට අකමැති වී ඇති බවත් පොලිසිය සදහන් කරයි.

මෙම වකුගඩු සහ වෘෂණ කෝෂ ඡාවාරම ඡාලගතව සිදුවන එකක් වන අතර, මෙරට සිටින ඡාවාරම්කරුවන් මෙන්ම විදේශීය ඡාවාරම්කරුවන් කිහිප දෙනකුද ඊට සම්බන්ධවී ඇති බවට මේ වන විට කරුණු හෙළිවී ඇති බව ද පොලිසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad