පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල්? එජාප මහ ලේකම් කියන කතාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 13, 2022

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා රනිල්? එජාප මහ ලේකම් කියන කතාව

රනිල් වික්‍රමසිංහ යනු පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නොව රටේ ජනාධිපති අපේක්ෂකයා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ කාගේ ජනාධිපති අපේක්ෂකයා දැයි අද(13) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මහ ලේකම්වරයා මේ බව සඳහන් කළා. 
ඉදිරි ජනාධිපතිවරණයේදී රටේම අපේක්ෂකයා රනිල් බව මතක තබාගත යුතු යැයිද රංගේ බණ්ඩාර මහතා කියා සිටියා.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.


No comments:

Post a Comment

Post Bottom Ad