ධනුෂ්කට පිටව යන්න අවසර දෙයි... සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 17, 2022

ධනුෂ්කට පිටව යන්න අවසර දෙයි... සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය මෙන්න

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය අවසර ලබා දී තිබේ. 
ධනුෂ්ක ගුණතිලක මහතා ඊයේ (16) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.

ගුණතිලක මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයකුගේ නිවසේ ඔහු ජීවත්වන බවත් නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වනු ඇති බවත් ඒ හේතුවෙන් නව නිවසකට යාමට ඉඩ දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එම ඉල්ලීම සලකා බලමින් සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය ගුණතිලක මහතාට නව නිවසකට යාමට අවසර ලබා දී ඇත.

නැවත වරක් ජනවාරි 12 වැනිදා නඩුව කැඳවීමට නියමිතව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad