රජයේ කුණු කොන්ත්‍රාත්තුව අවලංගු කරයි – පරිසර ලේකම්ගෙන් රාජ්‍ය ආයතන ලොක්කන්ට දොස්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 20, 2022

රජයේ කුණු කොන්ත්‍රාත්තුව අවලංගු කරයි – පරිසර ලේකම්ගෙන් රාජ්‍ය ආයතන ලොක්කන්ට දොස්!

සබරගමුව වි‍ශ්වවිද්‍යාලයෙන් බැහැර කෙරෙන කසල තොගයක් රත්නපුර සුරතලීඇල්ලට සහ තවත් පූජනීය ස්ථානයක් ඇතුළු ස්ථාන කිහිපයකට මුදාහැර ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා. 
ඒ මහතා මෙම අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.

“සබරගමුව විශ්ව විද්‍යාලයේ කසල බැහැර කරන කොන්ත්‍රාත් සමාගම විසින් ඇළට ලොරි ලෝඩ් ගෙනල්ලා මුදාහැරලා තියෙනවා 16 වෙනිදා. මෙතනදී ඇත්ත වශයෙන්ම සබරගමු විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරියටත් ඇගිල්ල දික් කෙරෙනවා වෙන මොකක්වත් නිසා නෙමෙයි කසල බැහැරලීමේ ක්‍රමවේදයක් නොමැති බවට හඳුනාගෙන තියෙනවා. පාලන අධිකාරියෙන් වහාම මේ කසල බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුව අවලංගු කරන්න.”


No comments:

Post a Comment

Post Bottom Ad