දිනේශ් ෂාෆ්ටර්ට බ්‍රයන් තෝමස්ට එස්.එම්.එස් එකක් ඇවිත් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 16, 2022

දිනේශ් ෂාෆ්ටර්ට බ්‍රයන් තෝමස්ට එස්.එම්.එස් එකක් ඇවිත් !

අබිරහස් ලෙස මිය ගිය ජනශක්ති රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ දිනේශ් ෂාෆ්ටර්  ඊයේ (15) තමන්ට කිසිදු දුරකථන ඇමතුමක් ලබා  නොදුන් නමුත් ඔහුගෙන් කෙටි ජංගම දුරකථන  පණිවිඩයක්  පමණක් ලද  බවත් එයින් ඔහුට තමන් හමුවීමට අවශ්‍ය බව සඳහන් ව තිබූ බවත් ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන්   තෝමස්  මාධ්‍යයට පැවසීය.
රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්  ලබා  දෙමින් ඔහු සඳහන් කළේ මෙම පණිවිඩයට ප්‍රතිචාර දක්වූ තමන් ෂාෆ්ටර්  හමුවීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් තමන්ට ඊයේ දිනයේ ඔහු හමුවිය නොහැති බවත් දන්වා ප්‍රතිචාර ලෙස පණිවිඩයක් යැවූ බවය.

දිනේශ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන්  තමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර මෙම තොරතුරු සහ ජංගම දුරකථන පණිවිඩ අදළ විමර්ශන  කණ්ඩායම් වෙත ලබා දුන් බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සිදුවීම පිළිබඳව ආරංචි වන විට තමන් සිය නිවස තුළ සිටි බවද බ්‍රයන් තෝමස් ප්‍රකාශ කළ අතර ඒ බව සීසීටීවී කැමරා පරීක්ෂාවේදී තහවුරු වී ඇත.

දිනේශ්  ෂාෆ්ටර්   ඊයේ (15) සවස සිය මල්පාරේ නිවසින් පිටවන අවස්ථාවේදී බ්‍රයන් තෝමස්   හමුවීමට යන බව සඳහන් කර තිබූ අතර මේ හේතුවෙන් පොලිසිය අද ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඔවුන් අතර මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් මභේදාත්මක තත්ත්වයක් තිබි ඇති අතර දිනේශ්  ෂාෆ්ටර් බ්‍රයන්    තෝමස්ට   එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් අනතුරුව ආරම්භ වූ විමර්ශනවල දි බ්‍රයන් තෝමස්ට වරෙක රක්ෂිත බන්ධනාගාරගත වීමට සිදුවිය.

No comments:

Post a Comment

Post Bottom Ad