දිනේෂ් ශාෆ්ටර් ඝාතනයට බ‍්‍රයන් තෝමස් සම්බන්ධ යයි සාක්‍ෂි නෑ.. පරීක්‍ෂන අලුත් පාරකට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 17, 2022

දිනේෂ් ශාෆ්ටර් ඝාතනයට බ‍්‍රයන් තෝමස් සම්බන්ධ යයි සාක්‍ෂි නෑ.. පරීක්‍ෂන අලුත් පාරකට..

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් 23 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බොරැල්ල පොලිස් ස්ථානය විසින් මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇත.
අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ ඇගිලි සළකුණු නිලධාරීන් අවශ්‍ය වෙනත් විද්‍යාත්මක සොයාගැනීමට කටයුතු කර ඇත.

පැතිකඩවල් කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයිග දුරකථන අංකල වි‍ශ්ලේෂණය සහ සීසීටීවී කැමරා දර්ශන නිරීක්ෂණය ද සිදු කෙරේ.

ක‍්‍රිකට් විස්තර විචාරක බ‍්‍රයන් තෝමස් මහතා සහ මෙම ව්‍යාපාරිකයා අතර මුදල් ගණුදෙනුවක් සම්බන්ධ ආරවුලක් පැවතුනද මෙම ඝාතනයට ඔහු සම්බන්ධ බවට මෙතෙක් කිසිදු සාක්‍ෂියක් නැති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

ශාෆ්ටර් මහතා මරණට පත්වුණේ ඉකුත් 15 වැනිදා රාත්‍රියේදීය. මේ අතරල ශාෆ්ටර් මහතාගේ දේහය අද:17* ඒ මහතාගේ නිවස වෙත රැගෙන ගියේය.

No comments:

Post a Comment

Post Bottom Ad