පැහැරගෙන පහරදුන් ප්‍රකට ව්‍යාපාරිකයා මියයයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 15, 2022

පැහැරගෙන පහරදුන් ප්‍රකට ව්‍යාපාරිකයා මියයයි!

පැහැරගත් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා මියගොස් ඇතැයි වාර්තා වේ. ඒ මහතා අද පෙරවරුවේ පැහැරගෙන බොරැල්ල සුසාන භූමිය තුළට රැගෙන ගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින්  කුරුඳුවත්ත මල් පාර නිවසින් සභාපතිවරයා අද දහවල් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි.

ඔහුගේ බිරිඳ මද වේලාවක දී ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ක්‍රියා විරහිත ව තිබී ඇති අතර බිරිඳගේ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා තිබෙන අයුරු දැක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වහා ක්‍රියාත්මක වූ විධායක නිලධාරියා  සුසාන භූමියේ කම්කරු සේවකයකු ගේ උදව් උපකාර ඇතිව සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙලට දමා තිබූ වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.

සභාපතිවරයා මේ  වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගෙන් කිසිදු ප්‍රකාශයක් ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය

සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බව පොලිසිය කියයි.

ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන තිබෙන අතර  ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි තුනක්ද සභාපතිවරයා සිදුකර ඇති  බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ  ජේ එම් ආර් සමරසිංහ  මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

(මූලාශ්‍රය / ඡායා : අද)

No comments:

Post a Comment

Post Bottom Ad