අපි මැතිවරණයට සුදානම්... නමුත් හොද පිටියක් ඕනෑ - පොහොට්ටු ලේකම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 16, 2022

අපි මැතිවරණයට සුදානම්... නමුත් හොද පිටියක් ඕනෑ - පොහොට්ටු ලේකම්

පළාත් පාලන මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත් එම ඡන්දය ජනතාව අපහසුතාවයට පත් වන ආකාර නොවන අවස්ථාවක පැවැත් විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන ප්‍රධානීන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැවසූ බවද මහ ලේකම්වරයා පැවසීය.

මැතිවරණයක් සූදානම් කර තිබේ දී විදුලි කප්පාදුවක්, ඉන්ධන හිඟයක් හෝ ආහාර හිගයක් පැවතිය හොත් ජනතාව ඒ ගැන අවධානය යොමු කර තීන්දු ගැනීම වැළැක්විය නොහැකි නිසා ඡන්දයකට සුදුසු වාතාවරණයක් සකස් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි බවද මහ ලේකම්වරයා කියා සිටියේ ය. ‍

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ජනාධිපතිවරයා අතර හමුවක් පසුගියදා 4වැනිදා පැවති බවද මහ ලේකම්වරයා පැවසීය.

පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ගමට වැඩ කර ඇති නිසා මැතිවරණයකට ජනතාව ඉදිරියට යාමට කිසිදු බියක් නැති බවද හෙතෙම සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad