මිලියන 800කට වඩා වියදම් කොට අලුත් කරපු විජේරාම ගෙදර පදිංචියට මහින්ද යළි එයි! ගෝඨා බෞද්ධාලෝක මාවතේ ගෙදර අතහැර මහින්ද හිටපු ගෙදරට යයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, January 15, 2023

මිලියන 800කට වඩා වියදම් කොට අලුත් කරපු විජේරාම ගෙදර පදිංචියට මහින්ද යළි එයි! ගෝඨා බෞද්ධාලෝක මාවතේ ගෙදර අතහැර මහින්ද හිටපු ගෙදරට යයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බොහෝ දුරට අද දිනයේදී යළිත් වතාවක් ‌කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසට යනු ඇති බව වාර්තා වේ. මෙම නිවස අලුත්වැඩියා කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා ස්ටැන්මොර් ක්‍රෙසන්ට්හි පිහිටි වෙනත් නිල ‌නිවෙසක වාසය කරනු ලැබිණ.

විජේරාම නිල නිවස අලුත්වැඩියා කිරීඹ සදහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේදී මිලියන 400කට අධික ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණද ගෝඨාභය රාජපක්ෂ මහතා එය සම්මත කළේ නැත.

නමුත් පසුව ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙම නිල නිවෙස අලුත්වැඩියා කිරීමටමිලියන 800කට වඩා අධික මුදලක් සම්මත කර දී තිබිණ.

ආරංචිමාර්ග සදහන් කරන්නේ ඊටත් වඩා වැඩි මුදලක් මෙම නිවස අලුත්වැඩියා කිරීමට ගොස් ඇති බවකි.

මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන්ටද වාසය කළ හැකි පරිදි නව කොටස් කිහිපයක් නිවසට එක් කොට තිබීම ඊට හේතුව බව පැවසේ.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා එම නිවසට යාමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ටැන්මොර් ක්‍රෙසන්ට්හි පිහිටි නිල නිවසට යාමට නියමිතව ඇති බව පැවසේ.

දැනට ඒ මහතා බෞද්ධාලෝක මාවතේ නිල නිවසක වෙසෙන අතර වාහනවල නලා ශබ්දය අධිකව ඇසීම හේතුවෙන් වෙනත් නිවසක් ලබා දෙන ලෙස ඒ මහතා ඉල්ලීමක් කොට තිබිණ.

No comments:

Post a Comment

Post Bottom Ad