හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන මහතුන්ට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩා රජය තීරණය කර තිබේ.
මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයටද මෙම සම්බාධක ක‍්‍රියාත්මක කර ඇත.
පසුගිය යුද සමයේ සිදු කළ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අදාළව මෙම පියවර ගෙන ඇත.
ඔවුන්ගේ නමින් කැනඩාවේ ඇති වත්කම් අත්හිටුවන ලබන බවත් කැනඩාවට ඇතුළු විය නොහැකි බවත් කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙයි.
අදාල මානව හිමිකම් ආරක්ෂා නොකිරීම පිළිබඳව කැනඩා රජයේ කනස්සල්ලට හේතු වී ඇති බව ද ඒ පිළිබඳව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.
කෙසේ වෙතත් දැඩි ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වන ශ්‍රී ලාංකිකයන්ට තවදුරටත් තම උපරිම සහාය දෙන බව ද කැනඩා රජය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.

No comments:
Post a Comment