මැතිවරණයට දෙන්න මුදල් නෑ - ජනාධිපති දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 11, 2023

මැතිවරණයට දෙන්න මුදල් නෑ - ජනාධිපති දන්වයි

පළාත් පාලන මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ විමසීමකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

‘ඡන්දය තියන්න පුළුවන්ද කියලා මට තීරණයක් ගන්න බැහැ. දැන් ඒක තීරණය කරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයයි. හැබැයි ඡන්ද කරන්න නම් භාණ්ඩාගාරයේ සල්ලි නැහැ.’’ ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශ කර තිබේ.

මැතිවරණ කටයුතුවලට අදාළ රාජකාරි ආරම්භ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 770 ක මුදලක් ඉල්ලා සිටියත් මුදල් අමාත්‍යාංශය එම මුදලද මෙතෙක් ලබා දී නොමැත.

– Aruna


No comments:

Post a Comment

Post Bottom Ad