මහින්දලාට එරෙහිව වාරණ නියෝග අටක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 10, 2023

මහින්දලාට එරෙහිව වාරණ නියෝග අටක්!

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනකු පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා අධිකරණය විසින් එම පක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකුට වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

නායක මහින්ද රාජපක්‍ෂ, සභාපති මහාචාර්ය ජීග එල්ග පීරිස්, මහ ලේකම් සාගර කාරියවසම් හා ඩබ්ලිව් විජේරත්න යන වගඋත්තරකරුවන්ට මෙහිදී වෙන් වෙන්ව වාරණ 8 බැගින් නිකුත් ඇත.

පෙත්සම්කරුවන් අධිකරණයට කියා තිබුනේ පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් තමනට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීමට හා තමන්ව පක්‍ෂයෙන් නෙරපා හැරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් පියවර ගෙන ඇති බවත් එය පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනි බවත්ය.

නීතිඥ තරුෂිකා ප්‍රනාන්දු මෙනවියගේ උපදෙස් පරිදි නීතිඥ සමාධි ගම්ලත්ල පූජානි ද අල්විස්ල භූපති කහතුඩුව ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad