වගකීම බාර ගන්න සූදානම්! ඉදිරි ජනාධිපතිවරණය ගැන නාමල් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 27, 2023

වගකීම බාර ගන්න සූදානම්! ඉදිරි ජනාධිපතිවරණය ගැන නාමල් කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගන්නේ විපක්ෂයේ අපේක්ෂකයා කවුද යන්න තීරණය කිරීමෙන් පසුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඉදිරි ජනාධිපතිවරණයට පක්ෂය යෝජනා කරන ඕනෑම වගකීමක් බාර ගැනීමට තමා සූදානම් බවත් අමාත්‍ය ධූර භාර නොගෙන පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු වෙනුවෙන් කටයුතු කරන බවත් ඔහු කියා සිටියා.

මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ නෙත් එෆ් එම් ගුවන්විදුලියේ වැඩසටහනකට එක්වෙමින්.


No comments:

Post a Comment

Post Bottom Ad