මත් පැන් පානය කර රිය පැදෙ‌වුවොත් ඇපත් නෑ - වාහනෙත් නෑ - පොලීසියේ අලුත් තීරණය මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 27, 2023

මත් පැන් පානය කර රිය පැදෙ‌වුවොත් ඇපත් නෑ - වාහනෙත් නෑ - පොලීසියේ අලුත් තීරණය මෙන්න

මත් පැන් පානය කර  රිය පැදෙ‌වුවොත්  ඇපත් නෑ  වාහනෙත් නෑ
පොලීසියේ අලුත් තීරණය මෙන්න

බීමතින් රිය පදවන රියදුරන්ට පොලිස් ඇප ලබාදීමේ ක්‍රමය අත් හිටුවීමට පොලිසීය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම නව තීන්දුව අනුව මෙතෙක් බීමත් රියදුරන්ට පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ ලබාදුන් ඇප සම්බන්ධයෙන් වන බලය අත්හිටුවා ඇති බවයි.
මෙම නව තීරණයත් සමග අත් අඩංගුවට ගන්නා බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබානොදී සෘජුව අධිකරණයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මීට පෙර තුන්වන පාර්ශ්වයකට වාහනය නිකුත් කිරීමේ හැකියාවක් පැවතිය ද එය ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad