"කවුරු නැතත් ජනාධිපතිට මං සහාය දෙනවා" - ආණ්ඩුවේ ජයඝෝෂා මැද වෙල්ගම පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 22, 2023

"කවුරු නැතත් ජනාධිපතිට මං සහාය දෙනවා" - ආණ්ඩුවේ ජයඝෝෂා මැද වෙල්ගම පාර්ලිමේන්තුවේදී කියයි (VIDEO)

විපක්ෂයේ කවුරුන් විරුද්ධව ද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙලට සහාය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය මේ අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව ලබා ගැනීමට කටයුතු කිරීම ගැන ජනාධිපතිවරයාට තමන්ගේ දැඩි ස්තුතිය පල කරන බව ද පැවසූ ඔහු ඒ සඳහා ජනාධිපතිවරයා ඉතා වෙහෙස මහන්සි වී කටයුතු කළ බවද කියා සිටියේය.

අනාගත පරපුර වෙනුවෙන් මේ ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සියලු දෙනා කටයුතු කිරීම වගකීමක් බවද හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමට නොහැකි බව විපක්ෂයේ බොහෝ පිරිස් පවසද්දී ජනාධිපතිවරයා එය ලබාගැනීම සම්බන්ධයෙන් රටක් ලෙස තමන් පෞද්ගලිකව සතුටු බව පැවසූ ඔහු කවුරු නැතත් තමන් ඒ සඳහා සහාය දෙනු ඔහු කියා සිටියේය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad