වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවන්න බැරි වෙයි.. කර්මාන්ත, පාසැල් වැසේවි - ජනපතිගේ පාර්ලිමේන්තු කතාව මෙන්න (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 6, 2023

වැටුප්, විශ්‍රාම වැටුප් ගෙවන්න බැරි වෙයි.. කර්මාන්ත, පාසැල් වැසේවි - ජනපතිගේ පාර්ලිමේන්තු කතාව මෙන්න (VIDEO)

මේ මොහොතේ රට පවත්වාගෙන යන ආර්ථික වැඩපිළිවෙල කඩාකප්පල් කළහොත් 2022 මාර්තු මාසයේ පැවති තත්ත්වයට වඩා බරපතළ තැනකට ඇදවැටෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා කියා සිටියේ ඒ නිසා වැඩ වර්ජන විරෝධතා ආදිය සිදු නොකර රජයේ වැඩපිළිවෙලට සහාය දක්වන ලෙසයි.

රජයේ සේවක වැටුප් ගෙවීම විශ්‍රාම වැටුප් ආදී අත්‍යවශ්‍ය කටයුතු පවා සිදුකර ගැනීමට නොහැකි වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් විරෝධය දැක්වීමේ අයිතිය ආණ්ඩුව පිළිගන්නා නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා සංවිධානය කෙරෙන උද්ඝෝෂණ විරෝධතා සඳහා රජය ඉතා තදින් ක්‍රියාත්මක කරන බවද හෙතෙම පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad