24 තවත් උණුසුම්! පොහොට්ටුවේ බෙදීමක්! සාගර ‘හා’ කියද්දී පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගිහින් මහින්දට නාමල්ට ‘බෑ’ කියයි! - විගස පුවත් - Vigasapuwath

Thursday, May 18, 2023

24 තවත් උණුසුම්! පොහොට්ටුවේ බෙදීමක්! සාගර ‘හා’ කියද්දී පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගිහින් මහින්දට නාමල්ට ‘බෑ’ කියයි!

ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේදී උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයා ඉදිරිපත් කොට ඇති යෝජනාව මුල්කරගෙන පොහොට්ටුව ඇතුළේ බෙදීමක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙහිදී එම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙන බව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා දැනටමත් ප්‍රකාශ කොට ඇති නමුත් පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා හමුවී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නොහැකි බව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ජනක රත්නායක මහතා ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් විදුලි බිල ඉහළ නැංවීමට එරෙහිව සටන් කළ අයකු බවත්, පොහොට්ටු ආණ්ඩුව විසින්ම ඒ මහතා පත්කිරීම කළ බවත් එහිදී මෙම ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායම මහින්දටත්, නාමල්ටත් පෙන්වා දී ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ජනක රත්නායක මහතා මුල්කරගෙන පොහොට්ටුව ඇතුළේ යම් බෙදීමක් හටගෙන ඇති ආකාරයක් දැකගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *