දිවැසුරු ජෙරම්ට අති සුවිශාල වත්කම්.. මුල්‍ය විශුද්ධිකරණ චෝදනා.. පොලිස් පරීක්‍ෂණ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 18, 2023

දිවැසුරු ජෙරම්ට අති සුවිශාල වත්කම්.. මුල්‍ය විශුද්ධිකරණ චෝදනා.. පොලිස් පරීක්‍ෂණ

බෞද්ධාගම ඇතුළු ආගම් වලට අපහාස කිරීම යටතේ චෝදනා එල්ලවී ඇති දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මුල්‍ය විශුද්ධිකරණ යටතේ විමර්ශනයක් පැවැත්වීමට පොලිසියේ අවධානය යොමුව තිබේ. 
ජෙරොම් ප්‍රනාන්දු සතු අති විශාල වත්කම් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි මත මෙම විමර්ශන ආරම්භ කිරීමට නියමිතය.
 
එහිදී එම වත්කම් උපයාගත් ආකාරය පිළිබඳව සොයා බැලීමට නියමිතව තිබේ.

මොහු තම අනුගාමිකයන්ට දේශන පැවැත්වීමට යොදා ගන්නා කටුනායක ගුවන්තොටුපල ආසන්නයේ පිහිටි සුවිශාල ගොඩනැගිලි ගැන ද පොලිසියේ අවධානය යොමුව ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad