ජනාධිපතිවරණයේ එකම අපේක්ෂකයා සජිත්! සජබ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදී ඒකමතික තීන්දුවක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 16, 2023

ජනාධිපතිවරණයේ එකම අපේක්ෂකයා සජිත්! සජබ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදී ඒකමතික තීන්දුවක්!

ඊයේ පැවැති සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී එළඹෙන ජනාධිපතිවරණයේ සජබ අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරනු ලැබීය.

රැස්වීමට එක්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා විශ්වාසය තැබිය හැකි වෙනත් කිසිදු නායකයකු පෙනෙන තෙක් මානයක නැති බවත්, සිටින එකම පුද්ගලයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පමණක් බවත්ය.

පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් එම යෝජනාව සම්මත කොට ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad