ජෙරොම් ප්‍රනාන්දු පසුපස රාජපක්‍ෂලා.. ඌබට් ඒන්ජල් සමගත් සමීප සබදකම්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 17, 2023

ජෙරොම් ප්‍රනාන්දු පසුපස රාජපක්‍ෂලා.. ඌබට් ඒන්ජල් සමගත් සමීප සබදකම්!

දේවගැතිවරයෙකු බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා හරහා ආගමික ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරමින් මේ සූදානම් වන්නේ මීළඟ රාජපක්ෂ වරයා බලයට ගෙන ඒම සඳහා කුමන්ත්‍රණයක් විය හැකි බව සර්වපාක්ෂික අරගලකරුවෝ සඳහන් කරති.

එම සංවිධානයෙන් නියෝජිතයකු වන නිරෝෂන් විතානගේ මහතා මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදු කරමින් මේ බව කියා සිටියේය.

ජෙරම් ප‍්‍රනාන්දු පාස්ටර් වරයා සමග රාජපක්ෂ පවුලේ සමීප සබඳතා ඇති බවත් එම ආගමික නිකායේ නායකයා වන සිම්බාබ්වේ ඌබට් ඒන්ජල් නම් ජාත්‍යන්තර ජාවාරම්කරුවා සමඟ රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් ඇති බවත් ඔහු පැවසුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad